Friend With Benefits Ðÿ–¤ Âœ… Part 8 ❀

A+ A-

” උබ අර වැඩේ කරාද..”

” හ්ම්ම්..සහීත් ගානට වැඩේ කරා..කෝ යුහාන්..”

” මගෙ room එකේ තාම නිදි..”

” පව් පොඩි එකා හොදටම බය උනා..”

” ම්ම්..මං හෙන අමාරුවෙන් සන්සුන් කරේ..අර à·„à·”#තා කොහොමද යකෝ ඒම කරන්නෙ යුහාන්ට..ඇග හැම තැනම දත් පාරවල් බං..ඒකා බල්ලෙක් වගේ යුහාන්ව හපලා මං මං එතෙන්ට ඒ වෙලාවෙ ගියෙ නැත්තන්..”

” ඒයි ඒයි..calm down මචං..”

යෙතීශ් ඊයෙ උන සිද්දිය මතක් වෙන ගානෙ ගොඩක් කලබල වෙනවා..මේක එයාට නුහුරු හැසිරීමක් කිසිම කෙනෙක් ගැන කලබල නොවුන වද නොවුන එයා දැන් යුහාන් ගැන ගොඩක් වද වෙනවා..

” යෙතීශ් අයියේ..”
ඔලුවත් වැහෙන්නම බෙඩ් ශීට් එකත් පොරවන් නිදි මතේම පල්ලෙහට ආව යුහාන් දිහා යෙතීශ් වගේම අරොශ් බැලුවෙ අනුකම්පාවෙන්..

” මල්ලි බබෝ..කෝ එන්න මෙහෙට..”

යුහාන්ව ලගට අඩගහගෙන අරොශ් එයාව සෝෆ එකේ ඉන්දෙව්වා..වෙනද වගේ නෑ කොල්ල අද අමුතුයි..කටර් එකක් වගේ කියවන හුරතල් වෙන කට අද වැහිලා..

” යුහාන් කිරි එකක් හදන්නද..”

” යෙතීශ් අයියේ..”

” ම්ම්ම්ම්..”

” මුකුත් නෑ..රස්නෙන් බොන් නෑ කිරි මං නිවල දෙන්න..”

යුහාන් මොනා හරි දෙයක් කියන්න හෝ අහන්න හැදුවත්..එයාට ඒක ඒ වෙලාවෙ කියා ගන්න බැරි උනා..මේ වෙද්දි කොල්ලගෙ හිතේ ගොඩක් දේවල් පිරිල ඇති එයාට මූණ දෙන්න උනේ නරකම දේකට..

” උබ හිටපන් මං හදන් එන්නම්..”

යෙතීශ් කිරි එකක් හදන් එන්න යන්න හැදුවත් එයාව නවත්තපු අරොශ් ගියෙ කිචන් එකට..

” කෝ මෙහෙ එන්නකෝ..”

” ඇයි මේ..ඔයා මට බයද..”

” එහෙම නෑ අයියේ..මාව දැන් කැත වෙලා..”

යෙතීශ් යුහාන් ලගට ගිහින් තුරුල් කර ගන්න හැදුවත් යුහාන් නෙවේ ඉඩ දුන්නේ..එක කැලලක්වත් නැතුව තිබුන ඒ ඇගේ කැත විදිහට ඇති වෙලා තියන කැලැක් එයාට වේදනාවක්..යුහාන් හිතන්නෙ ඒ නිසා එයා කැත වෙලා කියලා..

” මේව නිසාද..”

” හ්ම්ම්..එ_ඒව ඔයා කර ඒවනම් කමන් නෑ ඒ ත්..ඊයෙ අනේ ම_මට ගොඩක් බය හිතුන යෙතීශ් අයියේ මට බයයි..”

කලින් තුරුල් වෙන්න අදි මදි කර යුහාන් ඊයෙ සිද්දිය මතක් වෙලා අඩාගෙනම යෙතීශ් ව බදා ගත්තෙ එයත් ආපස්සට යුහාන්ව තුරුල් කර ගද්දි..

” යුහාන් මේ කෝ මෙහෙ බලන්නකෝ..මං කිව්වනේ ආයෙ ඔයාට කාටවත් අතවත් තියන්න දෙන් නෑ කියලා ඔයාට වැරදි විදිහට කව්රු අත තිබ්බත් මං__”

” ඊයෙ වගේ මරල දානවද..”

” ඔව් මට ඒක කරන්න බැරි නෑ..මං මිනී මරුවෙක් නෙවෙයි හැබැයි ඔයා වෙනුවෙන් එහෙමත් වෙන්න පුලුවන්..”

” යෙතීශ් අයියේ..”

” ඇයි බයද මට..ම්ම්..”

” නෑ මං කැමතී ඒකට..”

” ඔ__”

“යුහාන් ආ කිරි එක..මේවත් කාල බොන්නකෝ..”

යෙතීශ් මොනා හරි කියන්න ගියත් එතකොට ආව අරොශ් නිසා ඒක කියා ගන්න එයාට බැරි උනා..යුහාන්ට කිරි එක්කුත් එක්ක බිස්කට් ජාති ගොඩාක් ගෙනත් දුන්න අරෝශ් යුහාන් ලගින්ම වාඩි උනා..

යෙතීශ්ගෙ උරහිසෙත් ඔලුව තියාන කිරි එක බොන යුහාන් ඉන්නෙ ලොකු කල්පනාවක..වෙනදට බිස්කට් කන්න ගොඩක් ආස එයා අද කිරි එක විතරක් බොන්න ගත්තා..හුරතල් හිනාව ඒ කතාව අද හොරු අරන් ගිහින්..යුහාන් වගේම එයාට ඊයෙ උන දේ කොල්ලට බලපාන විදිහ ගැන යෙතීශ් වගේම අරෝශුත් ඉන්නෙ ලොකු කල්පනාවක..

” ගෙදර ගිහින් දාන්නද ඔයාව..”

” ටික දවස් ඉන්න ඕනි ඔයා එක්ක..ඉන්න දෙනවද..”

” ඔයාට මාත් එක්ක ඕනි දවසක් ඉන්න පුලුවන් යුහාන් ඒත් අයියා ආච්චි අම්මා එයාල ඉන්න දෙයිද ඔයාට..”

” මං ආච්චි අම්මට කියන්නම් අයියේ..ගෙදර යන්න බයයි මට..”

” ඔයාට ආයෙ මුකුත් වෙන් නෑ යුහාන් අපි ඉන්නවගේ..”

යෙතීශ් වගේම අරෝශ්ටත් තුරුල් වෙලා දෙන්නම මැද ඉන්න යුහාන් කිරි එක එක ගුස්මට බීල ඉවර කරා..

” යෙතීශ් මං යන්න ඕනි ස්ටෙෆාන් එන්නම් කිව්වෙ හවස් වෙලා මාත් එන්නම් එතකොට..”

” උබ කොහෙද යන්නේ..”

” ඩියෝ හම්බෙන්න..”

” මොන මගුලකටද ඌ හම්බෙන්න යන්නෙ අහ්..තෝ දන්නව නේ ඒකා මොන වගේ එකෙක්ද කියල නේ..”

” ඔය ඉතින් කලබලේනේ..උබ දන්නවගේ මං ඒ දේවල් යූස් කරන් නෑ කියලා..මේක වෙනම එකක්..අපෙ පොඩි එකා උගෙ නන්ගි එක්ක යාලූ වෙලා..මේ à·„à·”#තටත් වෙන ගෑණු ඉදල නෑ නේ..ඒක ගැන ටිකක් කතා කරන්න යන්නෙ මං..”

” ඉබ මට නිකමටවත් කිව්වෙ නෑ නෙ අරෝශ්..”

” මාත් සීන් එක දන්නෙ ඊයේ..ඒ දේවල් කියන්න පුලුවන් තත්වෙක නෙවෙයි නෙ උබ හිටියේ..”

” දැන් තෝ තනියමද යන්න යන්නේ ඔය කිඩු ගුහාවට..මාත් එන්නම්..”

” නෑ උබ හිටපන්..මේ කොල්ල බලා ගනින්..මට යන්න උන් ඉන්නවා..මල්ලි එක්කම තමා යන්නෙ මං..ඩියෝ නංගිට පන ඇරලා ඒ නිසා අපිට මුකුත් කරන් නෑ..”

” හ්ම්ම් හ්ම්ම්..ඒහෙනම් පරිස්සමින් ගිහින් වරෙන්..මොනා හරි තිබ්බොත් කෝල් එකක් දාපන්..”

” හ්ම්ම් මං යන්නම් එහෙනම්..යුහාන් ම__ යෙතීශ් කොල්ලට ආයෙ නින්ද ගිහින් බං..”

යෙතීශ්ගෙයි අරෝශ්ගෙයි කතාව අතරෙ යෙතීශ්ගෙ උරහිසේ ඔලුව තියන් හිටිය යුහාන්ට ආයෙත් නින්ද ගිහින්..

” මෙයාට මෙහෙම උනේ මං නිසාද බං..”

” පිස්සුද ඕයි උබ මොනා කරන්නද..”

” ක්ලබ් එකට ආවෙ නැත්තන් යුහාන්ට මෙහෙම වෙන් නෑ..එයා ආවෙ මාව බලන්න..”

” යුහාන් කලින් ක්ලබ් ආවෙ නැති එකෙක් නෙවෙයි නේ බං..”

” ඒත් යකෝ එදා මං මේ රෝස මලට කොච්චර ලෝභකම් කරාද..පුලුවන් තරම් හෙමින් මං මූව ඉම්බෙ බං මට ඒ තරම් ලෝභ හිතුනා..කවදාවත් නැතුව මං ඒකට ගොඩක් ආස කරා බං..ඒත් අරූ..ඇත්ත මං මූව පරිස්සම් කරන්න යද්දි මූම කිව්වා වෙන කෙනෙක් හරි එයාව තලලා දායි කියා..හිතුවෙ නෑ ඒක මේ විදිහට වෙයි කියා..මං ඊයෙ ඒ වෙලාවෙ එතෙන්ට ගියෙ නැත්තන් යුහාන්ගෙ ජීවිතේම ඉවරයි අරෝශ්..”

” උබ වෙනස් වෙලා බං..ආදරේ හිතුනද..”

” පිස්සු කතා කරන්න එපා බං..උබ දන්නවා මට ආදරේ පෙන්නන්න බෑ කියලා..යුහාන් තාම පොඩී අනික මේ වගේ සුදු රෝස මලකට නපුරු වෙන්න හිත දෙන් නෑ මට..යුහාන් වගේ කෙනෙක් මට ජීවිතේට හම්බෙලා නෑ..”

” ම්ම්ම්..කොල්ලව හොදට බලා ගනින් බං..මං යනවා හවස එන්නම් ආයෙ..මල්ලි බබාට මොනා හරි ඕනි උනොත් කියපන් මං ගෙන්නම් උබ කොල්ල දාල එලියට එක අඩියක් තියන් නෑ හරී..ඌට මේ වෙලාව උබව ඕනිමයි..”

අරෝශ් යන්න ගියේ යෙතීශ්ට අවවාද කරගෙනම..පොඩි කාලෙ ඉදන් එයාව බලා ගත්ත අයියයි ආච්චි අම්මයි ඉද්දිත් යුහාන්ට මේ වෙලාවෙ ඕනි උනේ යෙතීශ්ව ඉතින් කොහොමද පොඩි කොල්ලව තනි කරන්නේ..

⏳⏳⏳⏳⏳

” යුහාන් දැන් නැගිටින්නකො බබා..”

” ම්හුක්..”

” නැගිටින්න යුහාන් ඔච්චර නිදා ගන්න  හොද නෑ..කාලත් නෑ ඔයා තාම කිරි එක විතරනේ..”

” යෙතීශ් අයියේ..කන්න ඕනි නේ බඩගිනි..”

” ඒක තමා wash එකක් දාන් එන්න මොනාද ඕනි කන්න..”

” noodles..ඔයා හදල දෙන්න..”

” හා හදල දෙන්නම්..නැගිටින්නකෝ..”

” හ්ම්ම්..”

සෝෆා එකට වෙලා යෙතීශ්ගෙ උරහිසේ ඔච්චර වෙලා නිදාන හිටිය යුහාන්ව යෙතීශ් ඇහැරෙව්වෙ හවස් වෙන්න ලන් උනත් කොල්ල තාම මුකුත් කාල නැති නිසා..යුහාන් නැගිටලා wash දාන්න උඩට යනවත් එක්කම යෙතීශ් උරහිස් ටිකක් එහෙ මෙහෙ කරේ යුහාන් නිදාන ඉදල හිරි වැටිල නිසා..යුහාන් නිදාන හිටිය විදිහට යෙතීශ්ට කොච්චර රිදුනත් හෙල්ලෙන්නෙවත් නැතුව හිටියේ යුහාන්ට ඇහෙරෙයි කියලා..ඒ ටිකට හරි සිද්ද උන අමිහිරි සිදුවීම අමතක කරලා සනීපෙට නිදාන ඉන්න යුහාන්ව ඇහැරවන්න කාටද හිතෙන්නේ..ඒත් එහෙමයි කියල කන්නෙ බොන්නෙ නැතුව දවසම නිදාන ඉන්න බෑ නේ..

” යෙතීශ් අයියේ මං ඔයාගෙ ඇදුමක් ඇන්දා ඈ..ම්හුක් ඒ උනාට මේක ගව්මක් වගේ නේ මට..”

wash දාන යෙතීශ්ගෙම ශර්ට් එකක් ඇදන් යුහාන් ආවෙ noodles හදන යෙතීශ් ලගට..යුහාන්ට වඩා උස මහත යෙතීශ්ගෙ ඇදුම් කොහොමත් යුහාන්ට ලොකු වෙන්න එපැයි..

යෙතීශ් යුහාන්ගෙ යට ඉදන් උඩට බැලුවෙ අමුතු හිනාවකුත් දාන ගමන්..

” ලස්සනයි..”

” මොනාද..”

” ඔයා..ආ කන්න මේක..”

” wooow ඒකනම් රස පාටයි..”

යෙතීශ් හැදුව noodles එක දැක්කම යුහාන්ට ඉබේටම කෙලත් ගිලුනා..යුහාන් කියන්නෙනම් රසට noodles එකක්වත් හදා ගන්න බැරි කෙනෙක් වෙද්දි යෙතීශ් ගොඩක් රසට ඕනි කෑමක් හදන්න පුලුවන් කෙනෙක් උනා..

” යෙතීශ් අයියේ..”

” ම්ම්ම්..”

” ඔයාට පුලුවන්ද මාව බීච් එකට එක්කන් යන්න..”

” ම්ම්..යන් යුහාන්..හවස ස්ටෙෆාන් ඒහෙම එයි එයාල ඇවිල්ල ගියාම අපි රෑ වෙලා යන්..වැඩිය කට්ටිය එතකොට නැති නිසා නිදහස් නේ..ඕක කාල ඉන්නකො දැන්..ආ වතුර එක ලාවට රස්නෙ..”

සෝෆා එකේ ඉද ගත්ට යුහාන්ට noodles එකයි වතුරත් දීල යෙතීශුත් ඉද ගත්තේ tv එක දාන ගමන්..

” film එකක් බලමුද..”

” හා..”

” මොකක්ද බලන්න ඕනි..”

” හව්මව්හ්ව්ම්ව්එව්..”

” à·„à·‘..ඕක කාල ඉවර වෙලා කියන්නකෝ..”

” හොල්මන් එකක් කියල කිව්වෙ අනේ..”

” හොල්මන් බලන්න බය නැද්ද..”

” යෙතීශ් අයිය බයයිද..”

” නෑ ඉතින් මං බය නෑ..ඔයා බය නැත්තන් බලමු ඉතින්..ආ ඔයාම එකක් බලලා දාන්නකෝ..ක කා ඉන්න මොනා හරි ඇරන් එන්නම් මං..”

යුහාන් film එකක් තොරන්න ගත්තේ කටේ noodles කැටියක් පුරවගෙන..

” ආ..පොප් කෝන් තියනවා..හරිද film එක..”

” හව්මව්උව්..”

” යුහාන් කලින් මං කිව්ව ඔයාට කාල ඉවර වෙලා වෙලා කතා කරන්න..”

” එහෙනම් ඉතින් අප්ප මං කනකන් ඉදල ප්‍රශ්නය අහන්නකෝ ඇයි වදේ..හ්ම්ම්.. මේක බලමූ ඒකේ ඉන්නෙ හොල්මන් බෝනික්කෙක්..”

” හා ඉතින් බලමුකෝ..”

දෙන්නත් එක්ක කෑම බීම වටේටම තියාන ලෑස්ති හොල්මන් film එකක් බලන්න..යෙතීශ් යුහාන් ලග ඉද ගන්නවත් එක්කම කාපු noodles එක පැත්තකින් තියලා පොප්කෝන් එකත් අතට අරන් යුහාන් යෙතීශ්ගෙ ඇගට හේත්තු උනේ film එක ප්ලේ කරන ගමන්..

” මේ මේයාද හොල්මන..”

” නෑ අනේ එයාගෙ බෝනික්කා අර අර ඉන්නේ..මේ ළමය දන්නෙ නෑ ඒ බෝනික්කට හොල්මනක් වැහිලා කියලා..”

” වැහුනත් නැතත් ඒකව දැක්කම බය හිතෙනව යුහාන්..”

” අයියෝ බොරුවට බය වෙන්න එපා අනී..නිකන් බෝනික්කෙක් විතරනෙ එයා..”

” ඒ යුහාන් කැරකුව නේද ඔලුව බෝනික්කා..”

” ඔව් නේ ඒ ළමය දැක්කෙ නෑ ඒක..”

” එ_ඒ  බුදු අම්මෝහ්….”

*****

Tags: read novel Friend With Benefits Ðÿ–¤ Âœ… Part 8 ❀, novel Friend With Benefits Ðÿ–¤ Âœ… Part 8 ❀, read Friend With Benefits Ðÿ–¤ Âœ… Part 8 ❀ online, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 8 ❀ chapter, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 8 ❀ high quality, Friend With Benefits Ðÿ–¤ Âœ… Part 8 ❀ light novel, ,

Comment

Leave a Reply

Chapter 8